top of page

LANKAStreet Soccer

LANKAStreet Soccer යනු ස්විට්සර්ලන්තයේ සුරිච් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨ(ZHAW) සිසුන් විසින්, දරුවන්ට පාපන්දු ක්‍රීඩාව පුරුදු පුහුනු කිරීම හරහා ලාංකික දරුවන්ගේ අනාගතය සාර්ථක කරනු පිණිස දියත් කරනු ලබන ව්‍යාපෘති මාදිලියකි.

 

අලුතින්ම හදුන්වාදෙන ලද “ LANKAStreet Soccer” ව්‍යාපෘතිය තුල මානවීය ප්‍රවේශයකින් ලාංකික දුප්පත් අසරණ දරුවන් සහ යුද්ධයෙන් අවතැන් වූ දරුවන් ගේ අනාගතය වෙනුවෙන් පෙනී සිටිනු ඇත. පාපන්දු පුහුනු කිරීම සහ පාපන්දු ඉසව් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය තුල දුප්පත්කම සහ යුද්ධය හේතුවෙන් අපහසුතා විඳින දරුවන් ගැන වැඩි අවධානයක් යොමුකරනු ලැබේ.  ඔවුන් අතර වෙසෙන විවිධ ජාතින් එකම පාපන්දු පිටියකට එකතු කිරිම හරහා මීලග පරම්පරාව තුල එකිනෙකා තුල වූ විරසක බව අඩු කරගත හැකි වෙතැයි කන්ඩායමේ අදහස වේ. එ‍සේම විවිධ මට්ටම්හි වීදි වල සහ වෙනත් ඉඩකඩ වල ක්‍රීඩා කරන දරුවන් පාපන්දු පිටියට ක්‍රමවත්ව යොමු කරගැනීමද මෙම ව්‍යාපෘතියේ තවත් අරමුණකි.මම ස්ටෙෆාන් වෙර්ලි  මම තිදරු පියෙක් සහ දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක්.  සුරිච් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ  ඉගෙනුම ලබන මා 2017 වර්ශයේ මගේ  අවසාන ව්‍යාපෘතිය ලෙස  සමාජ සත්කාරයක් ලෙස මෙම පුහුනු සැකැස්ම ක්‍රියාත්මක කිරීමේ අධිෂ්ඨානයෙන් සිටිනවා. මෙය මාගේ ඩිප්ලෝමා වේ අවසාන කොටසේ මූලික අංගයක් ලෙස දියත් වෙන මේ තුල මාගේ අරමුණ වන්නේ වීදි වල සිටින දුප්පත් දරුවන් පාපන්දු ක්‍රීඩාවට යොමු කොට ඒ හරහා ඔවුන් ගේ සමාජීය හැකියාවන් සහ කුශලතාවයන් වැඩිදියුණු කිරීම වේ. ව්‍යාපෘතිය LANKAStreet Soccer නමින් ක්‍රියාත්මක වන අතර පාසැල් කාලය අවසන දරුවන්ට සිය විවේක කාලය නිසි ලෙස ගතකිරීමට උපදෙස්,වටපිටාව සහ පහසුකම් සැලසීම ද ව්‍යාපෘතියේ තවත් අරමුණකි.

Facts of Sri Lanka

Facts of Sri Lanka

bottom of page