top of page

ව්‍යාපෘති

LANKAStreet Soccer යනු ස්විස්ට්සර්ලන්තයේ සුරිච් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨ (ZHAW) සිසුන් ලංකාවේ දරුවන් වෙනුවෙන්  පවත්වනු ලබන දායකත්ව වැඩසටහනකි. අගහිගකම් වලින් පෙලෙන දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට සහ යුද්ධයෙන් අවතැන් වූ දරුවන්ට උදව් කිරීම මෙන්ම විවිධ ජාතින් සහ කන්ඩායම් පාපන්දු ක්‍රීඩාව හරහා ඒකරාශී කරගැනීම මෙම වැඩසටහනේ අරමුණ වේ. මේ සඳහා ලාංකික පාපන්දු සංවිධාන, සමාජ ක්‍රියාකාරින් සහ විවිධ පාර්ශව සම්බන්ධ කරගන්නටද අදහස් කරගෙන තිබේ. 

ලංකාවේදී ස්වේච්චා වැඩසටහන්ද රැසක් ක්‍රියාත්මක වන අතර ඔබගේ දායකත්ව මුදල් 100%ක්ම මෙම ව්‍යාපෘතිය කෙරේම යෙදවෙනු ඇත. පාපන්දු ක්‍රීඩාව ප්‍රචලිත කිරීම මගින් දරුවන්ගේ කුසලතා දියුනු කිරීමට බලාපොරොත්තු වන මෙම ක්‍රියාවලියේදී පාපන්දු මිලදී ගැනීම, ටී ශර්ට් සපත්තු කැප් තොප්පි  දරුවන්ට ලබාදීම, දරුවන් පුහුණු සැසි ආදියට ප්‍රවාහනය කිරීම, ඔවුන්ට ආහාර ලබාදීම ආදී කාර්යයන් සඳහා මූලිකව මූල්‍යමය දායකත්වය අවශ්‍ය වේ. 

LANKAStreet Soccer පලමු පියවර වශයෙන් පාසල් වේලාව අවසන විනෝද ක්‍රියාකාරකම්, ක්‍රීඩා කලා සහ සංගීත කාර්යයන් ඔස්සේ දරුවන්ට සමීප වීමට අදහස් කරයි. ඒ තුලින් අපි යුද්ධයෙන් සහ දුප්පත් කමින් පීඩා විදින දරුවන්ගේ අමිහිරි මතකයන් යම්තාක් දුරකට ඈත් කොට තැබීමට හැකිවෙතැයි සිතමු. පාපන්දු ක්‍රීඩාව නිසිලෙස පුහුනු වීම තුලින් ඔවුන් වෙනස් ආකාරයකට ඔස්සේ ජිවිතය දැකීමට හුරුකරවන අතර ඒ ඔස්සේ පැරණි අමිහිරි මතකයන් ඉවත දැමීමටත් නව්‍ය මුහුනුවරක් ඔස්සේ ඉදිරියට යෑමටත් දරුවන්ට අවකාශ ලැබෙනු ඇත. 

ලාංකික ග්‍රාමීය පෙදෙස් හී දරුවන්ට නිසිආකාරව ක්‍රීඩා පුහුණුකටයුතු කිරීමටත් ක්‍රීඩාවට යොමුවීමටත් ඇති පහසුකම් ඉතා අඩුය. ලාංකික දරුවන්ගේ විවේක කාලයේදී ඔවුන් රැකියා කෙරේ යොමුවීම අඩු වුවත් නිරන්තර තරගකාරී, පීඩනකාරී පසුබිමක බහුතරයක් දරුවන්ට කල් ගෙවන්නට සිදු වී තිබේ. දරුවන් වඩාත් ආශාවෙන් යෙදෙන පාපන්දු ක්‍රීඩා මාධ්‍යෙයන්  ඔවුන්ගේ සාධාරනත්වය, කන්ඩායම් හැඟීම ස්ථාවරත්වය වැනි කුසලතා වර්ධනය වෙනු ඇත. 

මෙම වැඩසටහනට සහභාගි වන සෑම දරුවෙකුටම LANKAStreet Soccer සම්මානයක් පිරිනැමෙන අතර ඔවුනට ඡායා රූප ඇතුලත් මතක සටහන් පොතක්ද ලබාදෙනු ලැබේ.

ක්‍රියාකාරකම්

  1. සාමාන්‍ය පාපන්දු පුහුණුව සහ ක්‍රමෝපාය. 

  2. දැනට වීදිවල සහ කුඩා ඉඩකඩ වල  පාපන්දු ක්‍රීඩා කරන පිරිස් උදෙසා වැඩමුළු සංවිධානය කොට ඔවුන්ට අනතුරු වලක්වාගැනීම, කන්ඩායම් හැගිම් වර්ධනය ගැන දැනුම ලබාදීම. 

  3. බාහිර පාපන්දු තරඟවලට සහභාගී වීම. 

  4. විනෝදාත්මකව පාපන්දු ඉගැන්වීම.

  5. ස්විට්සර්ලන්තයේ එවන් වූ අඩුආදායම් ලාභීන් අතුරින් තෝරාගත් කන්ඩායමක් සමග ගාල්ල නගරයේදී දී අවසාන මහා තරඟය පැවැත්වීම.

bottom of page