top of page

සමාජ මෙහෙවර

දුප්පත් කම සහ යුද්ධය නිසා දරුවන්ගේ සිත්වල ඇති අසුබදායී කළකිරුනු ස්වභාවය දුරු කිරීමට මනෝවිද්‍යාත්මක ප්‍රවේශයක් තුලින් දරුවන්ට පාපන්දු ක්‍රීඩාව සමීප කිරීම අපගේ උත්සාහයයි. ඈත පලාත්වල වෙසෙන දුප්පත් ලාංකික දරුවන්ට ක්‍රීඩා පුහුණුවීමේ සහ ක්‍රීඩාවල නියැලීමේ පහසුකම් සැබැවින්ම අඩුය. ඔවුන් ට ක්‍රීඩාව තුලින් විනෝදාශ්වාදය පමණක් නොව ජීවිතයට වඩාත් වටිනා කන්ඩායම් හැගීම, දරාගැනීමේ හැකියාව, සුභවාදී සිතුවිලි මතුකරගැනීමට අවස්ථාවක් ලබාදීමට අපි අදහස් කරමු.

ව්‍යාපෘති අන්තර්ගතය 

  1. පාපන්දු ආශ්‍රෙයන් දරුවන්ගේ ශාරීරික සහ මානසික යෝග්‍යතාවය වර්ධනය කිරීම.

  2. ආත්මාභිමානය, අනුන් ගැන සැලකීම, එක්සත්කම ආදි කුසලතා හුවමාරු කරගැනීම. 

  3. ක්‍රමාණුකූලව ලබන පුහුනුව තුලින් අධ්‍යාපන කටයුතු වලටද ඒ හැකියාවන් දායක කරගැනීම . 

  4. ක්‍රීඩාව ඔස්සේ කුලෑටි බව දුරුකර සමාජය හා මුසු වීම, අනුන්ට ගරු කිරීමට හුරුවීම, මිත්‍රත්වය,සහයෝගිතාවය වැනි මාණුෂිය ගුනාංග වඩාත් ඉක්මනින් විධිමත්ව වර්ධනය කිරීම.

 

ක්‍රමවේදය

 

සතියක කාලයක් තුලදී ලංකාවම ආවරණය වන පරිදි කන්ඩායම් කිහිපයක් ඔස්සේ ස්ථාන කිහිපයකදී අපගේ පුහුණු ක්‍රියාකාරකම් ආරම්භ කරනු ලබන අතර ඒ හරහා අවශ්‍යයනම් තවත් වැඩිදියුනු විය යුතු අංශ මුල් අවස්ථාවේදීම හදුනාගත හැකි වනු ඇත. 

මානසික තත්වය සහ ශාරිරික යෝග්‍යතාවය වැඩිදියුනු වන ආකාරයෙන් ව්‍යාපෘතිය සැලසුම් කරන අතර  වයස් කාන්ඩවලට ගැලපෙන ඉගැන්වීමේ ක්‍රමවේද අනුව වැඩමුළු සැකැස්ම තීරණය වේ.  

නවීන ඉගනීම් සහ ඉගැන්වීම් ක්‍රියාකාරකම් තුලින් ක්‍රීඩා පුහුනුව ලැබීමේදී ආත්මාභිමානය, සාමූහිකත්වය වැනි සමාජිය හැකියාවන් වර්ධනය කිරීමට බලාපොරොත්තු වෙමු. 

දරුවන් සහ ආශ්‍රිත කන්ඩායම් තරඟාවලියට සහභාගී වනවා පමණක් නොව විදෙස් කන්ඩායම් ද සහභාගී වන අතර ඒ තුලින් දරුවන්ගේ හැකියාවන් වඩාත් ඉහල නංවාගැනීමට ඔවුන්ට අවකාශ ලැබෙනු ඇත.

bottom of page